අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාසල් පන්ති කාමරය තුළ සිටිය යුත්තේ ගුරුවරයකුයි. - අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත
කලුතර දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින පාසැල් දරුවන්ට සහකාර්ය මණ්ඩලයට අපහසුවක් නොවීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලැසුම් අංශය මගින් සම්පාදනය කරන ලද “Manual on Management of Tertiary and Secondary Care Hospitals - තෘතියික හා ද්විතීයික සත්කාර රෝහල් කළමණාකරණය පිළිබද අත්පොත” එළදැක්වීම අද (5) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.