එළඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් 2023.03.08 දිනැතිව අංක 2322/28 සිට අංක 2322/52 දක්වා වන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් එළැඹෙන අප්‍රේල් 25 ලෙස මැතිවරණයට දින දැනුම් දී ඇති බවත්, ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන වෙනම මේ සම්බන්ධයෙන් දන්වා ඇති බවත්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
පාසල් ඉදිරිපිට සිදුකරන අරගල මැඩලීමට යාමේදී, දරුවන්ට සිදු වන අපහසුතාව නිසා දෙමාපියන්ට වේදනාවක් දැනෙන බවත් එබැවින් පාසල් ඉදිරිපිට අරගල නොකරන්නැයි, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද(10) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ය.
මෙරට රෝහල්වලට අවශ්‍යව තිබූ ඖෂධ වර්ග 151න් ඖෂධ 83ක් පෙරේදා දිනය වන විට ලබා ගැනීමට හැකියාව ලැබුණ බවත්, ඉදිරි සති දෙක තුන තුළ තවත් ඖෂධ වර්ග රැසක් ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
උසස්පෙළ දරුවන්ගේ උත්තර පත්තර පරීක්ෂා කිරීම ටැක්ස් එකත් එක්ක පටලවා නොගන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.