වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබු මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපෙක්ෂා කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 75 දෙනෙකු පසුගිය දා (15) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියේ ය.
නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගේ වන්නිලඇත්තෝ, අද( 17 දින )පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රජය සූදානම් බවත් ජනාධිපතිවරයා ඇතුළු රජය ඒ සඳහා සහාය ලබා දීමට සූදානම් බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර මහතා අද(17)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.