ජනාධිපතිවරයා මෙරටට නැවත පැමිණි පසු මේ වන විට ගැසට් කර ඇති අධි ආරක්ෂක කලාප සම්බන්ධයෙන් සමාලෝචනය කර එය පවත්වාගෙන යන්නේද නැතහොත් එයින් යම් යම් කොටස් ඉවත් කරන්නේද යන්න තීරණය කරන බවත්, එතෙක් මෙම ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස සළකන බවත්, එසේ වුවද පෙර පරිදිම මහ ජනතාවට ඒවායේ කටයුතු කරන්න හැකියාව ඇති බවත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ආර්ථිකය ශක්තිමත් වීමට නම් රට ස්ථාවර විය යුතු බවත්, එලෙස ස්ථාවර වීමට නම් ජනතා විරෝධී උද්ඝෝෂණ වැනි දේ සිදු නොවිය යුතු බවත්, එසේ සිදුවන්නේ නම් නීති
ප්‍රකාරව කටයුතු කිරීමට පසුබට නොවන බවත්,( වැඩබලන ආරක්ෂක අමාත්‍ය) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.
එළඹෙන ඔක්තෝම්බර් මස 05 වන විට දේශීය වෙදකම් අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂධීය භාවිතයට කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා කියා සිටියේය.
දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය (22) හිමිවිය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් කාරක සභාව (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිවිය.