මෙරට දැනට ක්‍රියාත්මක නගරසභා 07ක් මහ නගරසභා බවට පත්කිරීමටත් ප්‍රාදේශීය සභා 03ක් නගරසභා බවට පත්කිරීමටත් ඊයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කළ හැකි වන ආකාරයට නියාමනයට මෝටර් වාහන ආඥා පනත සංශෝධනයට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය,ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග ඉදිරියේදී ඩෙංගු රෝගය වැඩිවිය හැකි බවත්, එමනිසා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල අගෝස්තු මාසයේදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.