ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා- ජනපති කියයි.
ගෘහස්ත ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා සංශෝධිත මිල සුත්‍රයක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කැබිනට් අනුකාරක සභාව, රජයේ ආයතන පිලිබඳ අනුකාරක සභාව හා ජිවන වියදම් අනුකාරක සභාව වශයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් සමන්විත වූ අනුකාරක සභා තුනක් ස්ථාපිත කිරීමට ඊයේ (08) කටයුතු කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන iROAD 1 සහ iROAD 2 ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය මාර්ග කි.මි 6250ක් සහ ජාතික මාර්ග 250ක් වැඩි දියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා සිවිල් ක්‍රොන්ත්‍රාත්තු 140 ක් පිරිනමා ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.