මුදල් අමාත්‍යවරයා දිවයිනට පැමිණි සැනින් රජයේ ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරනු ඇති බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පිටස්තර පුද්ගලයන් සමග සම්බන්ධ වන ඕනෑම ස්ථානයක මුහුණු ආවරණය අනිවාර්යයෙන්ම පැළද සිටීම වැදගත් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ යෝජනා කිහිපයක් කතානායකවරයා වෙත ලැබී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු තාවකාලිකව කල්තැබීමට අද (22) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේ ය.