කෘෂිකර්ම,වනාන්තර සහ වෙනත් ඉඩම් පරිහරණ ක්ෂේත්‍ර සදහා විනිවිදභාවය වැඩිදියුණු කළ රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.
එළඹෙන 27 වන දා ගමනාගමනයට නව ප්‍රවාහන කාඩ් පතක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාවේ නියුතු විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් වෙනුවෙන් සෙවනපිටියෙහි ඉදිකල විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය (15) පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධනය, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජෙසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
“සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තියට අනුකූලව “අලුත් රටට - අලුත් බෙහෙත්” සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින් නිෂ්පාදිත නවතම සේලයින් නිෂ්පාදනය දේශිය වෙළෙඳපළට නිකුත් කිරීම (15 දින) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේදී ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.