රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් , අසත්‍ය ප්‍රකාශ කරමින් රටට විරුද්ධව සිදු කරන බොරු ප්‍රකාශ ඉදිරිපත් කිරීම නැවැත්විය යුතු බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින්, පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපහසුතාවට පත් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ පිළිබඳව තමා කණගාටුව ප්‍රකාශ කරන බව කාතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය
කම්කරු වන්දි ( සංශෝධන ) පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.
මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරයේ දී ශ්‍රි ලංකාව පිළිබඳව සාකච්ඡාවට සහාභාගී වූ රටවල් 45 න් 31 ක් සෘජුව අපේ ස්ථාවරය අනුමත කළා සේම ඒ සඳහා සහයෝගය ද ලබා දුන් බවත්, එය අපේ රටට
ලොකු ජයග්‍රහණයක් බවත් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.