පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් දහසක් එකතු කිරීමේ මූලික පියවර මෙම වසරේ දී ආරම්භ කරන බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ(10) පාර්ලිමේන්තුවේදි පැවසුවාය.
රජයේ යාන්ත්‍රික ඉංජිනේරු ව්‍යාපෘතිවලට පමණක් සීමා වී තිබූ කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව විවෘත වෙළෙඳපොළ සමඟ තරග කරමින් යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව වැඩ කටයුතු පුළුල් කරමින් ඇරඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
යෝජිත නව ඡන්ද ක්‍රමය උදෙසා, පසුගිය පළාත් පාලන ඡන්දයේ රට පුරා සියලු ප්‍රතිඵලවල සංඛ්‍යා ලේඛන අර්ථකථනය කරන ලෙස, නිලධාරීන්ට උපදෙස් දුන් බව, " මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතීරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ "සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂාකරගනිමින් ඔවුන් ඉදිරියටම ගෙන යාම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු ඉතා වැදගත් කාර්යක් බවත් රට මේවන විට පත්ව ඇති තත්වයෙන් මිදීමට නම් දේශිය කර්මාන්තකරුවා රැකගනිමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.