"රටකි, දැයකි, ලොවකි ඇය" යන තේමාව පෙරදැරිව හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන් මාර්තු 08 සිට අප්‍රේල් 07 දක්වා වැඩසටහන් රාශියක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව කාත්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 576ක් නියෝජනය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 626ක් සඳහා නිවාස ආධාර චෙක්පත් ප්රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ තංගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.