9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ.
2020 වර්ෂයේ අ.පො.ස. (ස.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට තිබේ.
විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුභසාදන අරමුදල මගින් සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශදී පැවැත්විණි.
රජයේ මූල්‍ය කටයුතු පිළිබඳ, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවක් මාසිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර වෙනම විධිවිධාන සකසා ගතයුතු බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. දැනට සෑම වර්ෂයකම මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.