ආර්ථිකය කඩා වැටී ඇතැයි විපක්ෂය චෝදනා කළ ද පසුගිය රජය වෙන් නොකළ විශාල මුදලක් වත්මන් රජය අධිකරණය සඳහා වෙන් කර ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරට අපරාධ නීතිය තවදුරටත් ශක්තිමත් කර වඩාත් විනිවිදභාවයකින් සහ වේගවත්ව අධිකරණ පද්ධතියේ කටයුතු කිරීමටත් නීතියේ පාලනය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමටත් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
උසාවිවල නඩු ගොඩ ගැසී ඇති බවත් , එහෙත් විනිශ්චකරුවන් සිටින්නේ 330ක් පමණක් බවත්, බතික් හා අත්යන්ත්‍ර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
''යල කන්නයේ සිදුවන හානිය මහ කන්නය වන විට ගෙවා අවසන් කළ යුතුයි. මින් ඉදිරියට වගා හානි ගෙවීම් අපි ප්‍රමාද කරන්නේ නැහැ.”යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ගොවීන්ට සහතිකයක් ලබා දෙයි