දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පහන් දැල්වීය.
ජාතික සුරක්ෂිත දිනය නිමිත්තෙන් පැවත්වූ 17 වැනි සුනාමි සැමරුම් වැඩසටහන අද (26) හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය ඉදිරිපිට සෞඛ්‍යරක්ෂිත මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විනි.
ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්රියාවේ නිරත තරුණයන්ට තවදුරටත් එය පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි.