සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව කි්‍රයාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලදවීය.
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියදිවි නසා ගැනීමේ සිද්ධීන් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණය අද (12) ප.ව.1.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.
නේපාලයට අවේණික තක්කාලි ප්‍රභේදයක් වන SAN MERZANO නැමති තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගාකිරීම අත්හදා බැලීම මේ වන විට ආරම්භ කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මධ්‍යම නුවරගම් පළාතේ, පහළගම ඉදිවූ “අභයරාජගම” උදා ගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා ජනතා අයිතියට පත්කෙරුණි.