ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (10) පස්වරු 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (08) වැනිදා මහනුවරට ගොස් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝ රත්නය බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.
සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි
ලංකා දැල්පන්දු කණ්ඩායම අද (09) සමත්විය.
සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු
ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම
සමත් විය.
මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම්
නායිකා චතුරංගි ජයසූරිය සහ ඇගේ කණ්ඩායම වෙත අද සවස සුභ පැතුම් පිරිනැමුවේය.
නීතීඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
2018 ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කර තිබේ.