සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වෙනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේගේ මූලාසනයෙන්,බුද්ධශාසන ඇමති ගාමිණ ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.
විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අඟහරුවාදා (11) අද දින (11) සිට ක්‍රියාත්මක කෙරේ.
අ.පො.ස (උ.පෙළ) විභාගය II අදියර 2018-09-11 දින සිට 2018-09-24 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වසර තුනක් තුළ රජය සිදුකළ වෙනස අනාගතයට රැගෙන ගියොත් අප බලාපොරොත්තු වන ආර්ථීක සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වන බව පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.