බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සදහා මුතුරාජවෙල ප්‍රදේශයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ඉඩමක් ලබාගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් අද (30) කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පස්වරු 3.00ට පැවැත්වෙන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි.
වෛද්‍යකර්මය සදහා වූ හෙද, පරිපූරක හා අතුරුවෛද්‍ය සේවාවේ පුහුණුව සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම විද්‍යුත් මාධ්‍ය (Online) ක්‍රමයෙන් සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.