අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ වැඩසටහනක් ඊයේ(30) දින කොළඹ 07 ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විනි.
පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම පුද්ගලික අංශයට පැවරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
"ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව" යන තේමාව යටතේ දෙදිනක් පුරා පවත්වනු ලබන "ආරක්ෂක සමුළුව - 2018"ඊයේ (30) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කාර්යක්‍ෂම මහජන සේවාවක් උදෙසා ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීම වෙනුවෙන් පැවති තරඟාවලියේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතය.