පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වීමක් සම්බන්ධව කිසිඳු යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම යනු රටත්, ජාතියත් ජයග‍්‍රහණය කරා ගෙනයාම වන අතර, ජාතියේ හෙට දවස වෙනුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වන ලෙස ජනාධිපතිතුමා සියලු දේශපාලන නායකයින්ට, විද්වතුන්ට, පෞද්ගලික අංශය, ව්‍යාපාරිකයින් ඇතුළු සියලු ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් වෙත සහ පාසල් දරුවන් ඇතුළු සමස්ත පුරවැසියන්ට ආරාධනා කරයි.
ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලුතින් ඉදිකරන ලද සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) පෙරවරුවේ විවෘත කෙරිණි.