යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වන විට දිරිය තරුණ තරුණියන් 47 දෙනෙකුට මිලියන 21කට අධික ණය මුදලක් ලබා දී ඇත.
මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
ගමේ පාසල, රෝහල, පන්සල සංවර්ධනය වෙමින් සහ ජන ජීවිතයේ ගැටලුවලට විසඳුම් ලැබෙමින් තම දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ සුබ සිහින දෑස් ඉදිරිපිට මැවෙන විට මේ රටේ අහිංසක ජනතාව සැබෑ ලෙසම සතුටු වන බව ජනාධිපතිතුමා පවසයි.
දිවයින පුරා ගම් දනව් සිසාරා ගිය සංවර්ධනයේ අරුණළු සමග ජාතික සමගියේත්, ආගමික සංහිඳියාවේත් අරමුණු ඉටුකර ගැනීමට කැපවෙමු යැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුවේ සිට සියලුදෙනාට ඇරුයුම් කරයි.