විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවක වදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නවක වදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරිමට හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2018 අද (06) පෙ.ව 8.30ට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අගෝස්තු මස 6 වැනිදා (අදා පස්වරු 3.00ට බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින විවෘත කෙරිණි.