මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ‍්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ගෙවී ගිය වසර කිහිපය තුළ යතුරුපැදි, සැහැල්ලූ මෝටර් රථ ඇතුළු මෝටර් වාහන විශාල ප‍්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති බවත්, මේ නිසා මාර්ග පද්ධතිය වඩ වඩාත් පුළුල් කිරීමට, නව මාර්ග තැනීමට රජයට සිදුව තිබෙන බවත්, එම මෝටර් රථවලින් පරිසර දූෂණය වළක්වා ගැනීම සඳහාත්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ගෝලීය ඉළක්ක ජය ගැනීම සඳහාත්, මෙරට හරිත මෝටර් රථ යුගයක් ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

    උගතුන් වැඩිවීමත් සමග රටක ආර්ථික, සාමාජීය හා දේශපාලන ගැටලු රැසකට විසඳුම් ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි. රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීමට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති අතර, ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බව පවසන ජනාධිපතිතුමා, වීරෝදාර රණවිරුවන්ට ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපැම් සියල්ලෙන් ඔවුන් නිදහස් කර ගත්තේ ද වත්මන් රජය බව පවසයි.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, තලාව, ඉපලෝගම, ගල්නෑව සහ තඹුත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉදිකළ නිල සෙවණ කාර්යාල 6 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අගෝස්තු මස 05 වන ඉරිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya