ගාල්ල ලෝක උරුමය ආරක්ෂා කරගැනීමට නම් ගාල්ල ක්‍රකට් ක්‍රිඩාංගනයේ ඉදි කර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතු බවත් ඒ අනුව ගාල්ල ක්‍රීඩංගනය රැකගනිමින් ගාල්ල ලෝක උරුමයත් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මන්නරම සහ මුලතිව් ප්‍රධාන බස් නැවතුම්පොළ ද්විත්ව ඉදිකිරීමේ සමාරම්භය අද (20) සුබ මොහොතින් සිදු කෙරේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන ලබන අද (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.