ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතාපසුගිය දා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභිනවයෙන් ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සහ නිල සෙවණ කාර්යාල හතරක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
පෞද්ගලික රෝහල්වලින් අයකෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
මඩකළපුව මහ රෝහලේ සහ, අම්පාර අෂ්රොෆ් රෝහලේ හදිසි අනතුරු ඒකකය, සහ හදිසි ප්‍රතිකාර ඒකක සඳහා මුල්ගල තැබීම සහ විවෘත කිරීමේ උත්සව අද (17) පැවැත්වීමට නියමිතය.