උතුරු නැඟෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිතා කරමින් එක් වර්ග අඩි 650 බැගින් වූ ස්ථීර නිවාස 40,000ක් වසර දෙකක කාල සීමාවක් තුළ ඉදිකිරීමට පියවර ගැනේ.
කාබනික ගොවිතැන දිරිමත් කිරීම සඳහා මෙවර යල කන්නයේ සිට කාබනික පොහොර භාවිතා කර වී වග කරනු ලබන ගොවීන් වෙනුවෙන් පොහොර සහනාධාර ක්‍රමයක් ඇතිකොට ඒ මඟින් ප්වුන්ට මූල්‍යාධාර සැපයීමට
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ වී, එළවළු, පළතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මැලේසියාවේ පැවති අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.