ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
පවතින වර්ෂාපතනයත් සමග මහවැලි කලාපවල ජලාශ ද මේ වන විට ජලයෙන් පිරී ගොස් තිබෙන අතර, මහවැලි ගොවි ජනතාවට ජල හිඟයකින් තොරව ඉදිරි වගා කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ලැබී තිබේ.
“රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින තොරතුරු මහජනතාව වෙත ලබා දෙමින් ඔවුන් දැනුවත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ සඳහන් වෙනවා. එම පනතේ ජනතාවට ලබා දිය හැකි හා ලබා දිය නොහැකි තොරතුරු ගැන අප දැනුවත් වෙන්න ඕන“ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය.