ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා තත්වයන් නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට, එම ප්‍රදේශවල පිහිටි ලංකා සතොස අලෙවි සැල් මගින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ඉල්ලීම් වලට අනුව වහාම ලබාදීමට පියවර ගන්නා මෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස පාලනාධිකාරියට හා කළමනාකරැවන් සියලු දෙනාට දන්වා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.
තමන් මුදල් ඇමැති ලෙස පත් වී ගත වූ වර්ෂය තුළ රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
විදේශ ආයෝජන නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවත් ආයෝජකයන් ආවත් ශ්‍රමිකයන් නොමැති බවත් ඇතැම් විදෙස් ආයෝජනවලට අවශ්‍ය ශ්‍රමිකයන් විදෙස් රටවලින් ගෙන්වන්නේ නම් එය ඉතා හොඳ කටයුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ශක්තිමත් ආර්ථිකයක් තුළින් බලගතු රටක් නිර්මාණය කිරීම සඳහා අප ඉදිරිපත් කර තිබෙන සැළැස්ම ඔස්සේ ශක්තිමත් ආර්ථිකයක් සහ හොඳ සමාජයක් බිහි කිරීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යනවා බව ජතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.