ජනාධිපතිතුමා සමබර ප්‍රකාශයක් සිදු කළා. ජනාධිපතිතුමා රට බාරගන්නකොට රට තිබුණු හැටි සමහරුන්ට අමතක වෙලා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය වැරදි ලෙස ගෙන රට නොමඟ යවන්න උත්සහ කරනවා යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
පසුගිය වසර දෙක තුළ වගා කන්න පහක් නියඟය නිසා සමහර ප්‍රදේශවල ගොවිජනතාවට වගා කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැකි විය. එම කාලය තුළ ගොවි ජනතාවට නියං සහනාධාර ලබා දීමට රජය විසින් රු. මි. 38,000ක මුදලක් වැය කර තිබෙනවායැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 මැයි මස 08 වැනි අඟහරුවාදා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ආරම්භ කරමින් සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය.
අධිකරණ සංශෝධන පනත යටතේ නැවතත් බරපතල නඩු පිළිබඳව විභාග බාධාවකින් තොරව දිනෙන් දින අසන ක්‍රමයක් සකස් කර තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිශ්චයාසනයක් තිබෙනවාද නැද්ද ගැන තීරණය කරන්නේඅගවිනිසුරුවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.