මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රාදේශීය මට්ටමෙන් ජනතා අදහස් විමසීමේ කටයුත්ත 2018 මැයි 12 වැනි සෙනසුරාදා මන්නාරමෙන්  ආරම්භ කරන බව අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් මාධ්‍යවේදීන්ගෙන් කෙතරම් විවේචන ඉදිරිපත් වුවත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

    කුඩා බෝට්ටු හිමි ධීවර ප්‍රජාව සහ දුගීදුප්පත් සමෘද්ධිලාභීන් ගැන සිතා බලා, පරණ මිලට භූමිතෙල් ලබාදෙන්නට විශේෂ වැඩපිළිවෙලක් මුදල් අමාත්‍යාංශයත්, ධීවර අමාත්‍යාංශයත්, සමෘද්ධි අමාත්‍යාංශයත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එම සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට ලැබෙන්නට කටයුතු කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (10) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී පැවසී ය.

    2015 ජනවාරි 08 ජයග්‍රහණයෙන් පසු මේ රටේ ජනතාවට වඩාත් නිදහස් වාතාවරණයක් ඇති වූ අතර ඒ අනුව මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස් වීම් පැවැත් වීමේ නිදහස ඇතුළු මානව හිමිකම් තහවුරු වූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබද ජ්‍යාත්‍යන්තර ප්‍රජාව අතර යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගුණු බවත්, විද්‍යා ,තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya