දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි හතරක් ජනතා අයිතියට පත්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (12) සිදු කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි බුද්ධ රශ්මි ජාතික වෙසක් මංග්‍යයට සමගාමීව පකිස්ථානු රජය මගින් ලබාදුන් තක්ෂිලා නුවරින් වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේ රැගත් රථ පෙරහැර අද (11) මහනුවරට වැඩම කිරීමට නියමිතය.