ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය ඊයේ (20) පෙරවරුවේ ලන්ඩන් නුවරදී විවෘත කෙරුණු අතර එම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්විය.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ උත්සවයක් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (අප්‍රේල් 19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් පස්වරු 5.30 පැයට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.