පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.
කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අප්‍රේල් මස 24 වැනි දින දවස පුරා ගාල්ල සමනළ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත.