ශ්‍රී ලංකාවේ සියලු ම පන්සල් වර්ගීයකරණය කොට නොදියුණු පන්සල්වලට ආධාර දීම සඳහා මේ වසරේ සිට රජය මගින් මූල්‍යාධාර සැපයීමට කටයුතු යොදා ඇතැයි බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා ( Ali Larijani) අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.
ජාතීන් වශයෙන් බෙදුනු රටක් සෑම විටම පිරිහෙන බවත් එවැනි රටකට අනාගතයක් නොමැති බවත් ලෝකයේ දියුණු වූ සෑම රටක් එම ස්ථාවරය ලබා ගත්තේ එම ජාතික සමඟිය උපදවමින් බවත් කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (19) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.