මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ණයෙන් තැලුණු පොඩි වූ රටක් බාර ගත් බවත් මේ වසර තුන තුළ ආර්ථික ජයග්‍රහනවලට නායකත්වය ලබාදුන්නේ අගමතිවරයා බවත් අගමැතිතුමා දක්ෂ දේශපාලඥයෙක් බව ඔප්පු කර තිබෙන බවත් විශ්වාසභංගය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක් බවත් රටේ වාසනාවට දැනටමත් එය පරාජය වී අවසන් බවත් මුදල් හා ජනමධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    විශ්වාසභංග යෝජනාව හරහා යම් දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගන්නට යන බව පෙනෙන්නට තිබෙන බවත් ඉදිරිපත් කර ඇති චෝදනා නිශ්චිත නොවන බවත් එබැවින් විශ්වාසභංග යෝජනාව කෙරෙහි විශ්වාසයක් නොමැති බවද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

    බැදුම්කර සිදුවීම සම්බන්ධව ජනාධිපති කොමිෂමෙන් හෝ කෝප් වාර්තාවෙන් වරදකරුවෙක් කර නොමැති බවත් එසේ නම් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශ්වාසභංගය පුස්සක් බව පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වූ විශ්වාසභංග විවාදය මීට සුළු මොහොතකට පෙර අද (4) පාර්ලිමේන්තුවේ දී  ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya