ශ්‍රම වාසනා අරමුදල අද වෙනකොට අපේ රටේ ජනතාවට නැතුවම් බැරි ආයතනයක් බවට පත්වී ඇති බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යලය අද(මාර්තු 30) පෙ.ව 9.30ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විඳින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් බෙදාදීමේ වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.