ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර හා ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා 2018 වසරේ සිට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
2018 වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවි බල ගැන්වීමේ නව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඇඟලුම් ආශ්‍රිත කුඩා පරිමාණ කර්මාන්තශාලා මගින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ක්‍රියාත්මකය.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහනට අදාළ ව්‍යාපෘති 29ක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසර සඳහා රු මිලියන 2.3 ක මුල්‍ය ප්‍රතිපාදන වැය කිරීමට අපේක්ෂිත බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය පවසයි.
හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වැනි මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත්කරන ලද බැව් යුද සේවා ලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇත.