දකුණු ආසියානු රටවල බෝනොවන රෝග වැළැක්වීම පිළිබද ප්‍රථම සමුලුවට සමගාමිව පැවැත් වූ ව්‍යායාම කිරීමේ වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගොල්ෆේස් හෝටලයේ දී අද (31) උදෑසන පැවැත්විනි.
බෝ නොවන රෝග පිළිබදව සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුථව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේදී ආරම්භ කෙරිණි.
ලෝක වෙළෙඳපොළේ 2018 ජනවාරි සිට මේ වන විට බොර තෙල් මිල අඛණ්ඩ වැඩි වීමක් වාර්තා වුව ද එහි බර ජනතාව මත පැටවීම වැළැක්වීමේ අරමුණෙන් ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය කටයුතු කර ඇත. ඒ අනුව මෙතෙක් පෙට්‍රල් ලීටර් එකක් සඳහා අය කරන ලද රුපියල් 35 තීරු බද්ද රුපියල් 12 දක්වා ද, ලීටර් එකකට රුපියල් 15ක් වූ ඩීසල් මත වූ බද්ද රුපියල් 4 දක්වා ද අඩු කර ඇත.
වියළි කලාපයේ වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැව් 123 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කිරීම පසුගියදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ චන්දනපොකුණ වැවෙන් ආරම්භ කෙරිණි.