දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කිරිමේ අරමුණින් පාසල් විෂය මාලාවට සෞන්දර්යය විෂයයන් ද අනිවාර්යය කරමින් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම, මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් මාර්තු මස 25 සිට අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියේ ය.
කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ.
සංක්‍රමණික කිමිදුම්කරුවන් යොදාගෙන සිදු කරන ධීවර කර්මාන්තයේ දී අනුමත කරන ලද ධීවරයාත්‍රා ගණන සියයට 50කින් අඩුකිරීම කෙරෙහි ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.