පසුගිය දා පැවැත්වූ විදුහල්පති සේවයෙ තෙවැනි පන්තියට බඳවා ගැනීමේ විභාගයෙන් සමත් වූ පිරිස අතරින් විදේශ පුහුණුව සඳහා තෝරාගත් සංඛ්‍යාව 278ක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
වනජීවී නිලධාරීන්ට ලැබෙන ආකාරයට වන සංරක්ෂණ නිලධාරීන්ට ගිනි අවි ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයකට පැමිණ නැතැයි' මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.
හිංසාකාරී ක්‍රියාවල යෙදෙන්නන්ට වාසිදායක කට කතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගෝලීය සාධාරණත්වය සඳහා වන ශ්‍රී ලාංකීය මාධ්‍යෙවේදියෝ සංවිධානය පවසයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් අලුතින් 320ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.