මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 08 පෙ.ව. 10.00 ට ඉවත් කොට ප.ව. 6.00 ට නැවත පැනවෙයි.
අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (මාර්තු 08) දින රජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කටයුතු අඩපණ වී ඇති බවට අධිකාරියට එරෙහිව කටයුතු කරනු ලබන සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරනු ලබන චෝදනාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනිය නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාවට නැංවීම සඳහා පසුගිය වසර තුළ රු. මි. 15.3 ක ප්‍රතිපාදන ලබා දී තිබේ.