සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුලපිරීම පිළිබද ජාතික සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින (09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.
ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පවසයි.
විවිධ සමාජ ජාල මඟින් ජනතාව තුළ වෛරී හැඟීම් ඇතිකරන අන්දමේ ප්‍රචාරයන් ගෙන යාම පෙනෙන්නට තිබෙන නිසා ජාතික ආරක්ෂව උදෙසා සමාජ ජාල මාධ්‍ය කීපයක් තාවකාලිකව අවහිර කිරීමට සිදු වූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනන්දු මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සංචාරකයින්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයේ විශේෂයෙන් සළකා ක්‍රියා කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බවත් මේ වනවිට මහනුවර ප්‍රදේශයේ සංචාරකයින්ගේ ආරක්ෂව සම්බන්ධයේ ගැටළුවක් නොමති බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.