පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සර්ව ආගමික නායකයින්, ප්‍රාදේශිය ලේකම්වරුන්,ආරක්ෂක අංශ උසස් නිලධාරින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්.පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් අද (8) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    සියලු ශී‍්‍ර ලාංකිකයින්ට සාමයෙන්, සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීම සඳහා රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ් ජනපති හමුවේ පැවසූහ.

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබූ නොසන්සුන්කාරී වාතාවරණය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

    රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (8)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    සුරාබදු (සංශෝධන ) පනත් කෙටුම්පත,මුදල් පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවදයට ගත් අතර විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව
    පැවසීය.

    ඉන්දියාවේ හා තායිලන්තය ලංකාවට වඩා ශුද්ධ මධ්‍යසාරය භාවිතා වෙනවා. රටේ අධිසැර මධ්‍යසාරය භාවිතය වැඩියි. නීත්‍යාණුකූල නොවන ,සෞඛ්‍ය හානිකර මධ්‍යසර භාවිතය ඉහළයි. පුද්ගල සෞඛ්‍යයට හානී වෙනවා. සෞඛ්‍ය
    වියදමත් ඉහළට යමින් පවතිනවා. එය අඩු කිරීමයි අපේ ඉලක්කය. අපේ අරමුණ මධ්‍යසාර භාවිතය අඩු  කිරීමයි. අපේ රජය සෑමවිටම පෙනී සිටින්නේ කාන්තා සම අයිතිය ලබාදීමටයි. අද ලෝක කාන්තා  දිනයයි. පුද්ගයකුගේ මතයක් රජයේ මතයකින් පලනය කළ නොහැකියි. රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීමයි.

    රජයකට බදු හරහා පමණක් වෙනස් කිරීම් කරන්න නොහැකියි. බදුවලින් වියදම වැඩි කළත් හානිය වෙන්නේ පවුලටයි. මධ්‍යසාර අඩු කිරීම ඒ නිසා අත්‍යවශ්‍යයි. එය සිදු කළ හැක්කේ සමාජය විසින්මයි. වගකීම තිබෙන්නේ සමාජයට හා ආගමික නායකයින්ටයි. රජය ඒ සඳහා දායකත්වය දැක්වීමට සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරය පැවසීය.


     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya