තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික ජනතාව තම අයිතීන් ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන තිබිය යුතු බවත්, එවිට පාරිභෝගික අයිතිය කඩවන විට, ඒ ගැන විමසීමටත්, ඒ ගැන ක්‍රියාමාර්ග ගැනීමටත් හැකිවන බවත්, එම නිසා පාරිභෝගික අයිතිවාසිකම් ගැන පාරිභෝගික ජනතාව හා වෙළෙඳුන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් ඉදිරි කාලයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
තෙත් බිම් පරිසර පද්ධතියේ ඉතාම සංවේදී පරිසර පද්ධතියක්. මේ තත්ත්වය අවබෝධ කරගත් ජගත් ප්‍රජාව 1971 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වැනි දින ලෝක තෙත්බිම් දිනය ලෙස ලෝකය පුරා උත්සවාකාරයෙන් සමරනු ලබනවා
ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නව ඖෂධ කර්මාන්තශාලාවකට මුල්ගල තැබීම අද (2)පයාගල මලේගොඩ දී සිදු කෙරේ.