ආර්ථික සෞභාග්‍යය සමඟ සංහිඳියාව සහ තිරසර සාමය රජයන නව ශ්‍රී ලංකාවක් බිහිකිරීමට අප වෑයම් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.
සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක්ම නොවන බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් යම් ජාතියක ආර්ථික නිදහස හා සංස්කෘතික නිදහස ද තහවුරු විය යුතු බව පිළිගත යුතු යථාර්ථයක් බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අභිමානවත් 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
''එකම දැයක් '' තේමාව කොට ගත් 70 වැනි සංවත්සරික ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව කොළඹ ගාලු මුවදොර දී අද (4) පෙ.ව.8.00 ට පැවැත්වෙයි.
අනාගත පරපුරට සැබෑ නිදහසක් උරුමකර දීම උදෙසා ස්වාර්ථය පසෙකලා මාතෘ භුමිය වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව එක්සත්ව කැප වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා 70වැනි අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.