දිනූ නිදහස අර්ථවත් කරගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ පාට සියලූ භේදයන් ඉක්මවා``එකම දැයක්”තුළ අභිමානවත්ව, සාමකාමීව, එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීම බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
විශ්ව කීර්තියටපත් යතිවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (3) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබේ.
ඉදිරි දිනවලදී දිවයින පුරා නැවතත් වැසි සහිත කාලපරිච්ජේදයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ධීවර ක්ෂේත්‍රයේ සහ සාගර සම්පත් තුළින් අනාගත ඉලක්ක ජයගැනීම වෙනුවෙන් බුද්ධි මණ්ඩල සමුළුවක් ස්ථාපිත කිරීම සදහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂය ලෙස ධීවර ක්ෂේත්‍රය පත් කිරීමට හැකි වනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.