පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් තනතුරු දරන නිලධාරින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹ, විශ්‍රාම ගැන්වීමේ දී ඊළඟ තනතුරට උසස්වීම් ලබා දී උසස්වීම ලබන තනතුරට හිමි විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු( Prince Edward, Earl of Wessex) සහ එම ආර්යාව සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඊයේ (31) ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
ජාති, ආගම් බේදයකින් තොරව සියලූ ජනතාව සාමයෙන්, සමගියෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සමාජයක් ස්ථීර වශයෙන්ම රට තුළ ගොඩනැගිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.