පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය විමසීමට අද (9) හදිසි ඡන්දයක් විමසන ලදී.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්කෙටුම්පත සම්මත කිරීමට ඡන්දය විමසීම අද (9) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.
සම්මුතිවාදී යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 අද (9) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
අයවැය නීල හරිත තේමාවක් යටතේ සකස් කර තියෙන්නේ.මේ අයවැය ලිහිල්කරණ ප්‍රතිපත්ති තුළ වෙළඳපොල බාධක අඩු කිරීමට කටයුතු කරනවා. අපි ගෝලීය වෙළඳපොළට විවෘත විය යුතුයි.ආර්ථික ලිහිල්කරණයේ එක් පියවරක් වන්නේ පැරණි නීති සංශෝධනය කිරීම.එවිට තරඟකාරී වෙලඳ රටාවක් සකස් කළ හැකියි.දේශීය ව්‍යවසාකයන්ට වැඩි අවස්ථා ලබාදීමටත් අපනයනය සඳහා වැඩි අවස්ථා ලබාදීමත් ප්‍රාග්ධන ආර්ථිකයට වැඩි තාක්ෂණයක් එක් කිරීමත් බලාපොරොත්තු වෙනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.