අයවැය 2018 කාරක සභා අවස්ථාව, වැය ශීර්ෂ විවාදය අද (21) සිව්වැනි දිනයටත් පැවැත්වෙයි.
දුරකතන සංවාද පාර්ලිමේන්තුව උණුසුම් කරයි...
වරප්‍රසාද කඩ වූ බවට ප්‍රකාශයක්...
අගමැතිවරයා කොමිෂමට යෑම ආදර්ශයක් මන්ත්‍රීවරු මැතිසභයේ දී කියයි...
අධිකරණ ක්‍රියාදාමයට දෙමළ සන්ධානයෙන් පැසැසුම්...
නව ජාතික අපනයන ක්‍රමෝපායක්...
අයවැය 2018 කාරක සභා අවස්ථාව, වැය ශීර්ෂ විවාදය නොවම්බර් 20 දිනය..
විසර්ජන පනත් කෙටුම්පත 2018 නව වැනි වෙන්කළ දිනයේ තුන්වැනි දිනයට වැයශීර්ෂ විවාදය ආරම්භ වුණා.අද (20) විවාදයට ගනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයයි.
අලුතින් උසාවි සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍යයි. නව විනිසුරුවරු බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනවා යැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රසංශාව පළ කරන බවත් නීති ආධාර අංශ ශක්තිමත් කරගෙන යන බවත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.