අතරමඟ ඇණහිට තිබූ බදුල්ල-චෙන්කලඩි මාර්ගය පියවර හයකින් වැඩකටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
රජය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා වගේම අධ්‍යාපනයට නිඳහස ශක්තිමත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත්වීමේ ප්‍රවේශය වැඩි කිරීමට කටයුතු කරන බවත් වසර 2020 වනවිට 50,000ක් දක්වා විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කිරීමට බලපොරොත්තු වන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාල් ලාල් ග්‍රේරු මහතා පවසයි.
ජනන සැලසුම යටතේ වසර 2030 වනවිට සූර්යබලයෙන් මෙගාවෝට් 1009ක විදුලි නිෂ්පාදනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිට සූර්ය බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කොට ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.